දකුණු අප්‍රිකානුවන්ට ඉතිහාසගත ජයක් ලබන්න ලකුණු 282ක ඉලක්කයක්

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයේ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 207කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අද (13) සමත් වුණා.

ඒ, අනුව මෙම අවසන් මහා තරගය ජයගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හිමිව ඇති ඉලක්කය ලකුණු 282ක්.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට මිචෙල් ස්ටාර්ක් පත් වුණේ ලකුණු 58ක් රැස් කරමින්.

ඊට අමතරව ඇලෙක්ස් කේරි ලකුණු 43ක් රැස්කරමින් සිය දායකත්වය ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමට ලබා දුන්නා.

වේග පන්දු යන්නන්ට පාරාදීසයක් වූ ලෝර්ඩ්ස් තණ තීරුවේ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම සුනු විසුණු කළ කගීසෝ රබාඩා කඩුලු 04ක් බිඳ දැමුවා.

ඊට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි න්ගිඩි කඩුලු 03ක් දවාගත්තා.

ජාත්‍යන්තර ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.

මේ අතර දකුණු අප්‍රිකාව මෙම තරගය ජයගතහොත් අයි.සී.සීය විසින් සංවිධානය කරන තරගාවලියක දකුණු අප්‍රිකාව ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ලෙසට ඉතිහාස ගත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?