දකුණට විදුලිය ගන්න පෞද්ගලික ඉඩම් හිමිකරුවන් අවසර දෙයි

ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැනේ රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ අදාළ ඉඩමෙහි හිමිකරුවන් අතර ආරවුල විසදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමත්ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2009 අංක 20 ශ්‍රී ලංකා විදුලිබල පනතේ 53 වන වගන්තිය යටතේ 2015 ජනවාරි 25 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි පල කරන ලද විදුලි බල ආරාවුල් නිරවුල් කිරීමේ කාර්ය පටිපාටිවලට අනුකූලව අද පැවති සමථකරණ ක්‍රියාවලියේදී යි.

සම්ප්‍රේශණ රැහැනෙහි මීටර 630ක කොටසක් ඉදිකිරීමේදී අහිමි වන ඉඩම් කොටසේ වන්දිය වශයෙන් පුද්ගලික තක්සේරුකරුවන් විසින් රුපියල් මිලියන 41ක් නිර්දේශ කර තිබූ අතර පසුව ආසියානු සංවර්ධන අරමුදලේ නිර්ණායක අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 9.6ක් වශයෙන් ගණනය කර තිබුණා.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය එකගතාව පළ කර තිබුණේ රුපියල් මිලියන 1.69ක වන්දි මුදලක් සඳහායි.

මෙම ආරවුල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අගෝස්තු 8 වැනිදා යොමු කර තිබු අතර දින 3ක් ඇතුළත ආරාවුල විසඳීමට හැකියාව ලැබී තිබෙනවා.

ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයින් විසින් රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබඳ සැළකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වීම සදහා අදාළ ඉඩම කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමටයි අද එකඟතාවය පළ කර ඇත්තේ.

ඒ් අනුව මෙම එකඟතාව පිළිබඳ ගිවිසුමට අදාළ පවුලේ සමාජිකයින් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සමථකරණ මණ්ඩලය ඉදිරිපිටදි අත්සන් කර තිබෙනවා.

අදාළ සම්ප්‍රේශණ රැහැන ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද මෙම ගිවිසුම මගින් පහසුකම් සැලසෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජිත සැලැස්මට අනුව අදාළ විදුලි රැහැන මෙම පුද්ගලික ඉඩම හරහා ඉදිකිරීමට ද අවම උස මීටර් 20ක් තබා ඉදිකිරීමට ද පොළොව මට්ටමේ සිට මීටර 16ක් දක්වා ගොඩනැගිලි ඉදිකිරීමට සහ වගා කටයුතු කළ හැකි ආකාරයට රැහැන ඉදිකිරීමට මෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවා ඇති විදුලි ආරක්ෂාව, තත්වය හා අඛණ්ඩතාවය පිළිබඳ රෙගුලාසිවලට යටත්ව රැහැන ඉදිකිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය විසින් එකඟ වී තිබෙනවා.

මෙම එකඟතාව අද (11) සිට බලාත්මකයි.

මෙවැනි විදුලිබල කර්මාන්තයට අදාළ ආරවුල් සමථකරණය මගින් විසඳීමට ශ්‍රී ලංකා විදුලිබල පනතේ 39 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පවරා තිබෙනවා.

විදුලිබල සේවා සපයන බලපත්‍රලාභී ආයතන අතර සහ විදුලි පාරිභෝගිකයින් ඇතුළු වෙනත් පාර්ශ්වයන් ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම අතර ඇතිවන ආරාවුල් කාර්යක්ෂමව විසදීම සඳහා ආරාවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ 2011 වසරේදී යි.

එම කාර්ය පටිපාටි 2015 වසරේදී යාවත් කාලීන කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ මෙම ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදය හේතුවෙන් විදුලි බල අංශයේ පැමිණිලි හා ආරාවුල් කාර්යක්ෂම ව විසඳීමට හැකියාව ලැබී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40