දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව – ඉමදූව කොටසේ ගමනාගමනයට තවදුරටත් බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද උදෑසන වනවිට තත්ත්වය ගැන ද වාර්තා වන්නේ, මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙන වගයි.

ඊට හේතුව වන්නේ ඊයේ රාත්‍රියේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස නායයෑම හේතුවෙන්.

අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් නායයෑමට ලක්වීම හේතුවෙනුයි මෙලෙස ගමනාගමනය ඇනහිට ඇත්තේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ, මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක් ව මේ වන විට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිදු කරන බවයි.

ඊයේ පස්වරුවේ පැවති වර්ෂාපතනයත් සමග නායයෑම හේතුවෙන් පින්නදූව – ඉමදූව අතර 102 කිලෝමීටර් කොටසේ ගමනාගමන කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වුණා.

නමුත් මංතීරු 04න් මංතීරු 02ක් අද (12) දහවල් වන විට යථා තත්ත්වයට පත් කර ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බව‍යි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

නායයෑම සිදු වූ ස්ථානය අද දින පරීක්ෂා කර බලා ඊට අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට ද කටයුතු කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන කියා සිටියේ.

මේ අතර අදාළ නායයෑම සිදු වු අවස්ථාවේ එම ස්ථානය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ගොස් සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 6 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි.

මේ අතර, නායයෑමක් හේතුවෙන් ඕපනායක – මාදොල ප්‍රදේශයෙන් අවහිර වී තිබු බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?