දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව – ඉමදූව කොටසේ ගමනාගමනයට තවදුරටත් බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද උදෑසන වනවිට තත්ත්වය ගැන ද වාර්තා වන්නේ, මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙන වගයි.

ඊට හේතුව වන්නේ ඊයේ රාත්‍රියේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස නායයෑම හේතුවෙන්.

අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් නායයෑමට ලක්වීම හේතුවෙනුයි මෙලෙස ගමනාගමනය ඇනහිට ඇත්තේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ, මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක් ව මේ වන විට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිදු කරන බවයි.

ඊයේ පස්වරුවේ පැවති වර්ෂාපතනයත් සමග නායයෑම හේතුවෙන් පින්නදූව – ඉමදූව අතර 102 කිලෝමීටර් කොටසේ ගමනාගමන කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වුණා.

නමුත් මංතීරු 04න් මංතීරු 02ක් අද (12) දහවල් වන විට යථා තත්ත්වයට පත් කර ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බව‍යි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

නායයෑම සිදු වූ ස්ථානය අද දින පරීක්ෂා කර බලා ඊට අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට ද කටයුතු කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන කියා සිටියේ.

මේ අතර අදාළ නායයෑම සිදු වු අවස්ථාවේ එම ස්ථානය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ගොස් සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 6 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි.

මේ අතර, නායයෑමක් හේතුවෙන් ඕපනායක – මාදොල ප්‍රදේශයෙන් අවහිර වී තිබු බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18