තෝරාගත් දින කිහිපයක පුද්ගලික බස් රථ ධාවනය අඩු කිරීමේ තීරණයක් (වීඩියෝ)

සති අන්තයේ සෙනසුරාදා, ඉරිදා දිනවල, පෝය දිනවල සහ රජයේ විශේෂ නිවාඩු දිනවල පුද්ගලික බස් රථ ධාවනය 40%ක් දක්වා අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

බස් රථවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අඩු වී තිබීමත්, ඉන්ධන භාවිත අඩු කිරීමත් ඇතුළු කරුණු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඔටෝ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කළ ද බස් ගාස්තුවේ අඩුවීමක් සිදුනොවන බවයි මාධ්‍යවෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර සිටියේ.

බස් ගාස්තු අඩු කිරීමක් සිදුකිරීමට නම් අවම වශයෙන් ඩීසල් මිල රුපියල් 35.00ක පමණ මුදලකින් අඩුවිය යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

https://youtu.be/A2RphSiX480
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49