තොග පිටින් පාපැදි සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

යාපනය නගරයේ විවිධ ස්ථානවල නවතා තිබූ පාපැදි 16ක් සොරාගත් සොරෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ, යාපනය නගරයේ සිදුවන පාපැදි සොරකම් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද පැමිණිලි මත යාපනය,කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදුකළ මෙහෙයුමක දී 40 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සතුව තිබී සොරා ගන්නා ලද විවිධ වර්ගයේ පාපැදි 16ක් තිබී සොයා ගැනුණා.

සැකකරු පාපැදි රැසක් සොරාගෙන ගොස් විකුණා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?