තේ පොහොර මිල අඩුවෙයි

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක් රුපියල් 8,500 දක්වා අඩු මිලකට දීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුවයි ඇමැතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

දැනට තේ වගාව සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රුපියල් 12,000 සිට රුපියල් 14,000 දක්වා වීම හමුවේ වගාකරුවන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතිනවා.

මේ හේතුවෙන් තේ අක්කරයකින් වරකට නෙළාගන්නා දලු ප්‍රමාණය කිලෝ 216 දක්වා අඩු වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මේ නිසා එම පොහොර මිල අඩු කර දෙන ලෙස වගාකරුවන් මෙහිදී ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේ තේ සඳහා යොදන පොහොර මිටියක මිල රුපියල් 8500ක් දක්වා අඩු මිලට දීමට රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මඟින් කටයුතු යොදා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?