තේ පොහොර මිල අඩුවෙයි

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක් රුපියල් 8,500 දක්වා අඩු මිලකට දීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුවයි ඇමැතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

දැනට තේ වගාව සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රුපියල් 12,000 සිට රුපියල් 14,000 දක්වා වීම හමුවේ වගාකරුවන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතිනවා.

මේ හේතුවෙන් තේ අක්කරයකින් වරකට නෙළාගන්නා දලු ප්‍රමාණය කිලෝ 216 දක්වා අඩු වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මේ නිසා එම පොහොර මිල අඩු කර දෙන ලෙස වගාකරුවන් මෙහිදී ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේ තේ සඳහා යොදන පොහොර මිටියක මිල රුපියල් 8500ක් දක්වා අඩු මිලට දීමට රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මඟින් කටයුතු යොදා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20