තේ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් රජයේ අවධානය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) පැවැත් වුණා.

මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතු වී ඇති ගැටළු සම්බන්ධව මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, තේ දළුවල ගුණාත්මකභාවය සහ තේ වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම, නව අන්තර්ජාතික වෙළෙඳපොළ අවස්ථා සෙවීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණා.

තේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, ඒවාට ලබාදිය හැකි සාධනීය විසදුම් ලබාදීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

කුඩා තේ වතු හිමියන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරුණු අතර, එහිදී තේ නැවත වගාව සඳහා කර්මාන්තකරුවන්ගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට බඳුන් වුණා.

තේ වගාව සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම ඇතුළු තේ වගාව සම්බන්ධයෙන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳවත්, එය නිසි ලෙස පසුවිපරම් කිරීමේ අවශ්‍යතාවත් සාකච්ඡා කෙරුණා.

එමෙන්ම, තේ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය බාල කරන කර්මාන්ත ශාලාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියා.

තේ කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, කුඩා තේ වතු හිමියන් සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ වේදිකාවක් ගොඩනඟා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශ කර සිටියා.

එමගින්, තේ කර්මාන්තයේ මතුවන ගැටළු සවිස්තරව විමර්ශනය කර, කඩිනම් හා කාර්යක්ෂම විසඳුම් ලබාගැනීම අපේක්ෂා කෙරෙනවා.

මෙම සාකච්ඡාවට කුඩා තේ වතු හිමියන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් කුඩා තේ වතු හිමියන්ගේ සංගමය මෙහිදී රජයට ප්‍රසාදය පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?