තේ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් රජයේ අවධානය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) පැවැත් වුණා.

මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතු වී ඇති ගැටළු සම්බන්ධව මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, තේ දළුවල ගුණාත්මකභාවය සහ තේ වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම, නව අන්තර්ජාතික වෙළෙඳපොළ අවස්ථා සෙවීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණා.

තේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, ඒවාට ලබාදිය හැකි සාධනීය විසදුම් ලබාදීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

කුඩා තේ වතු හිමියන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරුණු අතර, එහිදී තේ නැවත වගාව සඳහා කර්මාන්තකරුවන්ගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට බඳුන් වුණා.

තේ වගාව සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම ඇතුළු තේ වගාව සම්බන්ධයෙන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳවත්, එය නිසි ලෙස පසුවිපරම් කිරීමේ අවශ්‍යතාවත් සාකච්ඡා කෙරුණා.

එමෙන්ම, තේ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය බාල කරන කර්මාන්ත ශාලාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියා.

තේ කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, කුඩා තේ වතු හිමියන් සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ වේදිකාවක් ගොඩනඟා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශ කර සිටියා.

එමගින්, තේ කර්මාන්තයේ මතුවන ගැටළු සවිස්තරව විමර්ශනය කර, කඩිනම් හා කාර්යක්ෂම විසඳුම් ලබාගැනීම අපේක්ෂා කෙරෙනවා.

මෙම සාකච්ඡාවට කුඩා තේ වතු හිමියන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් කුඩා තේ වතු හිමියන්ගේ සංගමය මෙහිදී රජයට ප්‍රසාදය පළකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21