AFC Banner
Empty Ad
Empty Ad

තේරීම්භාර නිලධාරින් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට දිනයේ දී

2024 ජනාධිපතිවරණයට මැතිවරණ තේරීම්භාර නිලධාරින් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27) හෝ හෙට (28) දිනයේ දී නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලය පවසනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගා කල්පනි සඳහන් කළේ එම ගැසට් නිවේදනය මේ වනවිට සෝදුපත් පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීමෙන් අනතුරුව එම සියලුම පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදුන් බව ද ඇය සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (26) දිනයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ද නිල වශයෙන් මැතිවරණ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?