Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

තෙල් මෝලේ ආරක්ෂක නිලධාරියා මරා ලක්ෂ 13ක් කොල්ල කාලා

මුන්දලම – බත්තුළුඔය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් තෙල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

අද (11) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමෙන් පසු එහි සේප්පුව බිඳ මුදල් කොල්ල කා ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

කොල්ලකරුවන්කරුවන් විසින් රුපියල් ලක්ෂ 13ක මුදලක් කොල්ල කා ඇති බවට අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත, විජයකටුපත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 36ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?