AFC Banner
Empty Ad
Empty Ad

තෙල් බාලාගේ දියණිය මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කරුපයියා බාලන් නොහොත් තෙල් බාලා නැමති සංවිධානාත්මක අපරාධකරුගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරුපයියා නිර්මලා නම් සැකකාරිය 41 හැවිරිදි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

එම කාන්තාව මෙරට අපරාධ රැසකින් පසු ඉන්දියාවට පළාගොස් සිටින තෙල් බාලා නම් සැකකරුගේ දියණිය බවට හෙළිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මෙම සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් ද සොයාගෙන ඇති බවයි.

අදාළ කාන්තාව විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට  භාරදී තිබෙනවා. මෙම සැකකාරියගේ පියා වන තෙල් බාලා නම් සැකකරු මෙරට සිදුකළ අපරාධ රැසකින් පසු මීට වසර 15කට පමණ පෙර ඉන්දියාවට පළාගොස් ඇති අතර අනතුරුව මීට වසර තුනකට පමණ පෙර ඔහු තමිල්නාඩුවේදී මරණයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?