අද දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිතයි. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ අප්‍රේල් මාසය තුළ මෙරටට ආනයනය කිරීමට නියමිත මුළු ඩීසල් මෙටි්‍රක් ටොන් ප්‍රමාණය 265,000ක් බවයි.
ලබන 21 හෝ 22 යන දිනයන් හි ඩීසල් මෙටි්‍රක් ටොන් 37,000ක් රැගත් නෞකාවක් දිවයනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේදීත් ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමට නොහැකිව ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරය දැකගත හැකිවුණා. මේ අතර, ඉන්ධන අර්බුදයත් සමඟ සංචාරක බස් රථ හිමියන්ගේ සංගමය දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටිනවා.
එම සංගමයේ සභාපති නීල් ජයතිස්ස කියා සිටියේ, සංචාරකයින් රැගත් බස් රථ දිගු පෝලිම්වල සිට ඉන්ධන ලබා ගැනීමේ දී ගැටලු රැසක් උද්ගත වන බවයි. එම නිසා සංචාරක බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට රජය සහන වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා













