ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය 25%ක් දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
මේ හේතුවෙන් දුර ගමන් සේවා දරුණු ලෙස කඩාවැටීමකට ලක්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.
ලංගම ඩිපෝ ආශ්‍රයෙන් සීමිත ආකාරයෙන් ඉන්ධන ලබාදීමක් සිදුවන බව පැවසූ ඔහු, යම්කිසි සහනදායි මිලකට පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
එමෙන්ම අද සහ හෙට දිනයේ දී පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා නොදුනහොත්, සඳුදා දිනයේ දී බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩපණ වීමට හැකි බව ඔහු ප්‍රකාශ කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2













