ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුවට අද (17) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඔහු ගමන් මෝටර් රථය හරස් කරමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අහසට සහ මෝටර් රථයට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
තුසිත හල්ලොලුව සතුව තිබූ ලිපි ගොනුවක් ද වෙඩික්කරුවන් විසින් රැගෙන ගොස් තිබෙනවා.
නාරාහේන්පිට කින්ග්ස් රෝහල ආසන්නයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තුසිත හල්ලොලුව මෙහිදී කිසිදු හානියක් සිදුවී නොමැති අතර, නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
12
+1
1
+1
2
+1
1
+1
5





