තුල්හිරිය මාස් ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 400 හමුවීමත් සමග එම කම්හල තාවකාලිකව වසා දැමීමට තීරනය කල බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.
මෙම කම්හලේ සේවක සේවිකාවන් 2000 ක් PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීය. එහි ප්‍රතිඵල වලින් පසු 400ක පමණ කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු විය.
කෑගල්ල, කුරුණෑගල හා ගම්පහ දිස්ත්‍රික්කවලින් මෙම ආයතනයට සේවක සේවිකාවන් පැමිණෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ පවසන්නේ.
මෙම ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් සෙවීම සඳහා ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව ද කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.