තීරණාත්මක ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායමේ සැලැස්ම මල් ඵල ගැන්වෙයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය ස්ථානය තවදුරටත් රැක ගැනීමට ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට (01) පෙර සමත් වුණා.

ඒ ඉන්දියාවේ කන්පූර් හි දී සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය ද කඩුලු 07කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණයට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළ ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රමුඛ කණ්ඩායම බංග්ලාදේශ පිල පළමු ඉනිමේ දී ලකුණු 233කට සීමා කිරීමට සමත් වුණා.

සිය පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණය ඇරඹූ ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

ඒ අනුව දෙවැනි ඉනිම සඳහා පිතිකරණය ඇරඹි බංග්ලාදේශ කණ්ඩායම සියල්ලන් ම දැවී ලකුණු 146ක් ලබාගත්තේ ඉන්දීය කණ්ඩායමේ සැලැස්ම තවදුරටත් පහසු කරමින්.

තරගය පුරාම විටින් විට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් වඩාත් අවාසිසහගත තත්ත්වයක් ඉන්දීය ජයග්‍රහණයට එල්ල වෙද්දීත්, මනා සැලසුමකින් ක්‍රීඩා කළ ඉන්දීය නායකයා ප්‍රමුඛ කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම තරගයේ අවසන් දිනය වන අද දිනයේ දී සියල්ලන් ම දවා ගත්තේ තමන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 94ක පහසු ඉලක්කයක් රඳවා ගනිමින්.

දෙවැනි ඉනිමේ දී බංග්ලාදේශයේ කඩුලු බිඳ හෙලීමේ දී ඉන්දීය පන්දු බලඇණියේ ජස්ප්‍රිට් බුම්‍රා, අශ්වින් සහ ජඩේජා කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ලක අයිතිය හිමිවූයේ අකාශ් ඩීප් හට යි.

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 94ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 03ක් දැවී සිටියදී ලකුණු 98ක් ලබා ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී Yashasvi Jaiswal ලකුණු 51ක් සහ විරාට් කෝලි නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා.

මෙහිඩි කඩුලු 02ක් සහ ටයිජුල් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය යශස්වි ජයිස්වාල් විසින් දිනාගනු ලැබූ අතර තරගාවලියේ වීරයා බවට පත් වූයේ තුන් ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහි තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග 2-0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ජයගත්තේ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය පළමු තැන තවදුරටත් රඳවා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?