AFC Banner
Empty Ad
Empty Ad

තීරණය පිළිබඳව නැවත සිතා බලන්න : තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන බැවින් හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බවයි නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ.

ක්‍රීඩකයන්ට සියපෞද්ගලික හේතුමත ක්‍රීඩාවෙන් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා එවැනි තීන්දුවක් ගැනීම සදහා පරිපාලනය සමග ඇතිවන ගැටලූවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට තමන්ට අවස්ථාවක් ඇති බවද අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් එක් ක්‍රීඩකයකු හෝ කිහිපදෙනෙකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යුහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් එසේවුවහොත් සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම කඩා වැටීමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් ක්‍රිඩාවෙන් ඉවත් වීම සදහා ගෙන ඇති තීරණය පිළිබද නැවත වතාවක් සිතා බලන ලෙස නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?