තිළිණි ප්‍රියමාලිගෙන් අධිකරණ නිලධාරියෙකුට අකටයුත්තක් – පොලිසියත් දැඩි දෝෂදර්ශනයට

හෝමාගම දිසා අධිකරණයෙහි සිතාසි බෙදන්නා සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්න්නාගේ රාජකාරියට බාධා කරමින් අධිකරණයේ කටයුතුවලට හිතාමතා බාධා කිරීම සහ යුක්තිය ඉෂ්ට වීම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියුමාලි නමැත්තියට හෙට (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) දින නියෝග කළා.

විත්තිකාර තිළිණි පියුමාලි නමැත්තිය ඉකුත් ජුනි 16 දින අධිකරණයෙහි විභාග වන නඩුවක් සඳහා පෙනීී සිටීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙන බැවින් එම විත්තිකාරිය වෙත ලබාදීමට නියමිත සිතාසියක් එදිනට ලබා දෙන ලෙස පැමිණිල්ල විසින් සිදුකළ ඉල්ලීමක් මත දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි එම අධිකරණයෙහි සිතාසි බෙදන්නකු වන අරුණ ප්‍රේමශාන්ත යන අය විසින් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දී එම සිතාසිය විත්තිකාරිය වෙත ලබාදීමට කටයුතු කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේදී විත්තිකාර තිළිණි පියුමාලි විසින් මාර්ගයේ ගමන් කළ ජනතාව ඉදිරිපිට දී සිතාසි බෙදන්නාට බැණ වදිමින් අදාළ සිතාසිය උදුරාගෙන එහි පිටුපස කුරුටුගා කිසිවක් ලියා නැවතත් සිතාසි බෙදන්නා වෙත එම සිතාසි පත්‍රය දමා ගසමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් බැණ වැදී ඇතැයි සිතාසි බෙදන්නකු වන අරුණ ප්‍රේමශාන්ත යන අය අධිකරණය වෙත සිදුකළ පැමිණිල්ලේ සඳහන්.

මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් විමර්ශනය කටයුතු සිදු කරමින් සිටින අතරතුර විත්තිකාර තිළිණි ප්‍රියමාලී යන අය අද (14) දින අධිකරණයෙහි පෙනී සිටිය ද ඇය පිළිබඳ ව පොලිස් විමර්ශනයක් සිදුකර නොමැති බවත් පොලිස් විමර්ශනයකින් සැකකරුවෙකු ලෙස හඳුනාගත් අයෙකුට පමණක් අධිකරණය වෙත පෙනී සිටිය හැකි බැවින් එම විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටීමට තම විරෝධය පළ කරන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක්‍රම පෙරේරා මහතා අධිකරණය කරුණු දැක්වුවා.

අධිකරණයේ නිලධාරියකුට සිදු වූ අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබියදී ඒ පිළිබඳව විමර්ශන ප්‍රමාද වීම පිළිබඳව මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියා.

එහිදී පොලිසිය වෙනුවෙන් පෙනී සිට නිලධාරියා අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා සිටියේ විත්තිකාරිය සොයා කිහිප වතාවක් ඇයගේ නිවස වෙත ගිය ද විත්තිකාරිය පොලිසිය මගහරිමින් කටයුතු කිරීම නිසාවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

එම අවස්ථාවේදී පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළ මහේස්ත්‍රාත්වරිය “මෙම පැමිණිල්ල අධිකරණයෙහි නිලධාරියෙකුට සිදු වූ බලපෑමක් පිළිබඳව සිදුකර තියෙන්නෙ. පොලිසියේ කාට හරි එහෙම දෙයක් වුණා නම් පොලිසිය මෙච්චර කල් බලන් ඉන්නවද? මේ විදියට අධිකරණ නිලධාරියෙකුට ගහලා ගියත් මොකුත් කරන එකක් නෑනෙ. අවම වශයෙන් අද දිනයෙවත් පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරලා නෑ.” යනුවෙන් විවෘත අධිකරණයේදී පැවසුවා.

ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් නීතිඥ උදුල් පේමරත්න මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක්කම් පෙරේරා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
19
+1
2
+1
0
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27