spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිහගොඩ පොලිස් නිලධාරියෙක් කළ වෙඩි තැබීමකින් වයස අවුරුදු 14 ක දරුවෙක් රෝහල්ගත කරයි

තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල කටුවනතුඩුව ප්‍රදේශයේදි පොලිස් අන නොකතා ධාවනය වූ තීරෝද රථයක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙකු සතු පිස්තෝල ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් වයස 14 තරුණයකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

පි.බි හරේෂ් හංසක දේශාන් නැමැති ගොඩුගෙවත්ත,නායිම්බල,තිහගොඩ ප්‍රදේශයේ පදිංචි .වයස අවු 14. ක තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. එම තුවාලකරු ඇතුළු තවත් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් ලබාදුන් අන නොකතා ඔවුන් ගමන් කළ තිරෝද රථය ධාවනය කර ඇතැයි සදහන්. එහිදී පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ලූහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනිමට උත්සහ ගැනීමේදී පොලිස් නිලධාරියකු සතු පිස්තෝල ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පැවසේ.

අනතුරුව තුවාලකරු 16 :30ට මාතර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මුලික ප්‍රථිකාර ලබා දි වැඩිදුර ප්‍රථිකාර සදහා 17: 30 පමණ ගාල්ල කරපිටිය රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

https://youtu.be/jnlZlpzZCss
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?