තිස් හැවිරිදි එක්දරු පියාට පහර දී ඝාතනය කරලා

බෙලිඅත්ත, රන්න, විගමුව ප්‍රදේශයේ දී පහරදීමකින් ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසු වූ නාඔටුන්න ගමගේ පුෂ්පකුමාර නමැති එක්දරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වන මොහු නෙටොල්පිටිය, පේරගස්ආර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා ජංගම ලී ඉරුම්පොළක් පවත්වාගෙන යන අයෙක් වන අතර, ඔහු සහ එහි සේවකයෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයන් සැකපිට පුද්ගලයින් තිදෙනෙක් හුංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
7
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?