තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි – ජනපති

පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ඒ සඳහා වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන බවත්, වැවිලි ක්ෂේත්‍රය වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය කිරීම, තිරසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන ප්‍රධාන වැඩසටහන් බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමින්.

කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් “පැහැපත් අනාගතයක් සඳහා තිරසර මංපෙත්” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම සමුළුව අද දිනය පුරා පැවැත්වෙන අතර පරිසර, සමාජ සහ පාලනය යන ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් 15 දෙනෙකු පමණ තිරසරභාවය සඳහා පරිවර්තනය වීම වෙනුවෙන් වැදගත්වන දැනුම, අවබෝධය සහ නවෝත්පාදන විසඳුම් බෙදා ගැනීම වෙනුවෙන් ඊට එක් ව සිටියා.

මෙහිදී ක්ෂුද්‍ර, කුඩා,හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ විශිෂ්ටතා සම්මාන පිරිනැමීම ද ජනාධිපතිවරයාගේ සුරතින් සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?