තිරසර ඉලක්ක සපුරා ගැනීම, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වන රටවලට අතිශය අභියෝගාත්මකයි – කථානායක

වත්මන් ගෝලීය සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මක වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

වත්මන් ලෝකය පෙර නොවූ විරූ ගෝලීය අභියෝගවලට මුහුණ දී සිටින අතරම, COVID-19 වසංගතය සහ එහි ප්‍රතිවිපාක, දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් සහ නැගී එන ගැටුම් මානව ප්‍රජාවට සහ පෘථිවියට බහුවිධ බලපෑම් නිර්මාණය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව කථානායකවරයා තවදුරටත් සඳහන් කරනවා. එම අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව නොපසුබස්නා උත්සහයෙන් ක්‍රියා කරන බව ද කථානායකවරයා සඳහන් කළා. ඔහු මේ අදහස් පළ කළේ ඇන්ගෝලාවේ ලුආන්ඩාහි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 147 වැනි සමුළුවට සහභාගී වෙමින්.

පෙර නොවූ විරූ ගෝලීය අර්බුද මධ්‍යයේ මෑත කාලයේ ශ්‍රී ලංකාව සිය අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසුගිය වසරේදී අත්විඳින ලද බව සඳහන් කළ කථානායකවරයා පුලුල්ව පැතිරුනු සමාජ නොසන්සුන්තා සහ විරෝධතා හේතුවෙන් ඇති වූ අභියෝග ජයගැනීමේ ක්‍රියාවලියේදී, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ස්ථාවරව පවත්වා ගනිමින් රජය සහ ජනතාව සාමකාමී දේශපාලන පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බවයි ප්‍රකාශ කළේ.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 147 වැනි සමුළුව ඔක්තොබර් 23 සිට 27 දක්වා ඇන්ගෝලාවේදී පැවැත් වෙනවා. ඉදිරි වසර කිහිපය තුළ විශ්වයේ දිළිඳු බව තුරන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 එක්ව 2015 වසරේදී ගොඩනගන ලද තිරසාර සංවර්ධන අරමුණු 17 අතර 16 වැන්න වන “සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන සඳහා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග” අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මෙවර සමුළුවේ තේමාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?