සංචාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත් කරමින් තෙවැනි ටෙස්ට් තරගයේ ජය සත්කාරක එංගලන්තයට හිමිවුණා.
ඒ මීට ටික වේලාවකට පෙර (14) ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 170කට සීමාවීමත් සමගින්.
ජයග්‍රහණයට එංගලන්තයෙන් ප්‍රතිවාදීන්ට ලකුණු 192ක ඉලක්කයක් හිමිවුණා.
එංගලන්තය හා ඉන්දියාව පළමු ඉනිමට සියල්ලන් ම ලකුණු 387 බැගින් රැස් කළ අතර එංගලන්තය දෙවැනි ඉනිමට ලකුණු 192කට දැවී ගියා.
ඒ අනුව ජයග්‍රහණයට ලකුණු 193ක ඉලක්කයක් හිමි වූ ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් දිනයේ අවසන් භාගයේ දී තියුණු සටනක් අවසන් කඩුල්ල තෙක් ලබා දී පරාජයට පත් වුණා.
එහිදී කඩුලු දැවී ගියත් සටන අත් නොහැරි ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 61ක් ලබාගත්තා.
කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තයේ ජය වෙනුවෙන් දෙවැනි ඉනිමේ දී ජොෆ්‍රා ආර්චර් හා බෙන් ස්ටොක්ස් කඩුලු 03ක්, බ්‍රයිඩන් කාස් කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් ක්‍රිස් වෝක්ස් හා ශොයිබ් බෂීර් බිඳ හෙලුවා.
දෙරට අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ මේ වනවිට එංගලන්තය තරග 2-1ක් ලෙස ජය ගනිමින් ඉදිරියෙන් පසුවනවා.





