AFC Banner
Empty Ad

තිදෙනෙක් අවසන් ගමන් යැවූ ත්‍රිරෝද රථ අනතුර

ටිපර් රථයක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ දිවුලපිටිය – මීගමුව මාර්ගයේ දූනගහ හන්දියේදී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (15) උදෑසන 8.30ට පමණ සිදු වූ මෙම අනතුරින් ත්‍රිරෝද රියේ ගමන්ගත් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දිවුලපිටිය සිට මීගමුව දෙසට ධාවනය වූ ලොරි රථයක් හා ගොඩිගමුව ප්‍රදේශයේ සිට දූනගහ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් එක් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථ රියැදුරුගේ නොසැලකිලිමත්භාවය අනතුරට හේතු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?