තිත් මුවන් දඩයම් කරමින් දඩමස් ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට

කලාවැවේ වෙසෙන තිත් මුවන් දඩයම් කරමින් දඩමස් ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක් තිත් මුව මස් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා

කලාවැව ජාතික උද්‍යානයේ කටයුතු භාර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට ලත් තොරතුරක් අනුව සිදුකල මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. කහල්ල පල්ලේකැලේ අභය භූමියට අයත් කලාවැව නීකිනියාව ප්‍රෙද්ශයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවීනිලධාරීන්ට හැකිව තිබේ.

වටලෑම සිදුවන අවස්ථාවේදී එම සැකකරුවන් කහල්ල පල්ලෙකැලේ අභයභූමියට අයත් කලාවැව රක්ෂීතයේ නීකිණීයාව ප්‍රෙද්ශයේදී තිත්මුවකු ඝාතනය කර මස් කර එම මස් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහණය කිරීමට සූදානම් කරමින් සිටි බව වනජීවී නිලධාරීහු පවසති. සිදු කළ වටලෑමේදී එලෙස ප්‍රවාහණයට සූදානම් කර තිබූ තිත් මුව මස් කිලෝ විස්සකට වැඩි ප්‍රමාණයක් ද ඝාතනය කර තිබූ තිත් මුවාගේ හිස කොටසද ඝාතනය කළ මුවා මස් කිරීමට යොදා ගත් පිහියා ඇතුළු උපකරණ රැසක් ද එම මුව මස් ප්‍රවාහණයට යොදා ගැනීමට සූදානම් කර තිබූ ත්‍රී රෝද රථයක් ද මෙහිදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති එම ත්‍රී රෝද රථයේ පසුපස respect value ලෙස ද සදහන්ව තිබීම විශේෂත්වයකි.

සිදුකළ එම වටලෑමේදී ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව ඇති අතර වැටලෑම සිදු කරන අවස්ථාවේ තවත් එක් සැකකරුවකු බලා ගොස් තිබිණ. එලෙස පලාගොස් ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇති ත්‍රී රෝද රථායේ රියදුරු ලෙස කටයතු කළ අය බවට අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී වනජීවී නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ. පලාගිය එම සැකකරුද අත්අඩංගුවට ගැනීම සදහා වනජීවී නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් හා නඩු භාණ්ඩ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21


?