අද දහවල් ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේවකයකු, අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ යාල් දේවි දුම්රියට පැන සියදිවි නසා ගෙන ඇතැයි ගල්ගමුව පොලිසිය පවසනවා.
අඹන්පොල ගැටදිවුල ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇතැයිද මෙලෙස දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇත්තේ ගල්ගමුව තැපැල් කාර්යාලයට අනියුක්තව සේවය කළ අයෙකු බව පොලිසිය පවසනවා.
ඉකුත් දා ගල්ගමුව තැපැල් කාර්යාලයේ සිදුව තිබූ රුපියල් ලක්ෂ 16 ක පමණ මුදලක් අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශණයක් ද ආරම්භ කර තිබී ඇති අතර එම විමර්ශණයකට අදාලව පොලිස් නිලධාරීන් පිරිසක් අද දිනයේ මිය ගිය පුද්ගලයා පදිංචි නිවස ද පරීක්ෂා කර තිබු අතර එම පරීක්ෂාවෙන් අනතුරුව ඔහු මෙලෙස දුම්රියට පැන සියදිවි හානිකර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගල්ගමුව තැපැල් කාර්යාලයේ සිදුව ඇති එම සොරකම හා මෙම මරණය අතර සම්බන්ධතාවයක් ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්ගමුව පොලිස් ස්ථානය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි.













