තැපැල් සේවකයින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි

වර්ජනයේ නිරතව සිටින තැපැල් සේවකයින් අද (22) පෙරවරුවේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

මේ අතර අද (22) උදෑසන සිට මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව සලසා තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම තැපෑල මගින් සේවා ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති අතර, ලිපි විශාල සංඛ්‍යාවක් ද ගොඩගැසී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
18
+1
1
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?