AFC Banner
Empty Ad
Empty Ad

තැන තැන පවුල් අතරත් කොවිඩ් පොකුරු මතුවෙයි

හැටන් ප්‍රදේශයේ තැනින් තැන පවුල් වල කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ තත්වයක් මේ වන විට උදා වී තිබෙනවා.

හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් අද (08) දින නව අසාදිතයන් 25 දෙනෙකු හමු වු බවත්, එම ආසාදිතයන් 25 දෙනාගෙන් ආසාදිතයන් 14 දෙනෙකු හැටන් දික්ඔය නගර  සභා සිමාවේ බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛය අංශ නිලධාරින් පවසයි.

හැටන් දික්ඔය නගර සභා සිමාවට අයත් දික්ඔය නගරයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිවරයාට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති අතර, ඔවූන්ගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර (04) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණයට අනුව එම විදුහල්පතිවරයාගේ පවුලේ සාමාජිකයන් 05 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියි.

හැටන් විල්ප්‍රඩ්පුර , හිල්සයිඩ් විදියි ,කුඩාගම , පැන්මුර් සහ ඩන්බාර් යන ප්‍රදේශවලින් සෙසු අසාදිතයන් හමු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?