ඉදිකිරීම් දොඹකරයක් දුම්රියක් මතට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත්
දුසිම් ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
බැංකොක් අගනුවරට උතුරින් පිහිටි නකොන් රට්චසිමා පළාතේ අද (14) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම අනතුර සිදුව අවස්ථාවේ දුම්රිය තුළ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 195 දෙනෙකු පමණ සිට තිබෙනවා.
අනතුරට හේතුව පූර්ණ හා පුළුල් විමර්ශනය කරන ලෙස තායිලන්ත රාජ්‍ය දුම්රිය බලධාරීන්ට දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



