AFC Banner
Empty Ad
Empty Ad

තාඹුගලට ඇප

රුපියල් මිලියන හැත්තෑවක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල අද (27) ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ, සැකකාර විරංජිත් තාඹුගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුව මුදාහැරීමටයි අධිකරණය නියෝග කළේ.

පුද්ගලික සමාගමක් විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 22 වනදාරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?