AFC Banner
AFC Banner
Empty Ad

තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

යාපනය තෝට්ටම් ප්‍රදේශයේ නිවසක තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

යාපනය පොලිසිය සඳහන් කළේ ඊයේ සවස සිදුවූ අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි අයෙක් බවයි.

ඔහු එම නිවසේ බිත්තියක් මත නැග සිටියදී එය හදිසියේ කඩාවැටී ඇති අතර එහිදී ඔහුගේ හිසට බරපතල හානි සිදුවී තිබෙනවා.

අනතුරුව බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?