”තාත්තේ ඔබ දැන් නොසිටීම මට සහනයක්”: ලසන්තගේ දියණිය තැබූ සංවේදී සටහන

ශ්‍රී ලංකාවට අත්වී ඇති ඉරණම දැක ගැනීමට සිය පියා නොසිටීම තමන්ගේ හිතට සහනයක් බව ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, සිය පියාගේ උපන් දිනය වෙනුවෙන් සංවේදී සටහනක් තබමිනි.

එම සටහනෙහි සිංහල පරිවර්තනය පහත දැක්වේ.

“ඔබ නිරන්තරයෙන් මාගේ හදවතෙහි සිටී. පවුලක් ලෙස සතුටින් කාලය ගත කළ සමයේ අප දෙදෙනා ගත් ඡායාරූප දෙස පෙර දා රාත්‍රියේ මම බලා සිටියෙමි. ඒ දුටු මගේ ඇස්වලට කඳුළු උනා එන විට මට සිතුණේ, ඔබ යළි ත් ගෙන්වා ගත හැකි නම් ඕනෑ දෙයක් අත හැරීමට සූදානමින් සිටිමි. ශ්‍රී ලංකාවට අත්වී ඇති ඉරණම දැක ගැනීමට ඔබ නොසිටීම මගේ හිතට සහනයකි. ශ්‍රේෂ්ඨතම තාත්තාට සුබ උපන් දිනයක්. ඔබ නැති අඩුව මට තදින් දැනේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?