තාත්තාගේත් බාප්පාගේත් ගෝරියට මැදි වු තරණ පුතා පිහි ඇනුම් කා මියයයි

වී තොගයක්‌ සමිබන්ධව සහෝදරයන්‌ දෙදෙනෙකූ අතර (08) පෙරේදා රාත්‍රි ඇතිවූ ආරවුලකදී වැඩිමහල්‌ සහෝදරයාග්‌ පුතා පිහි පහරකින්‌ මිය ගොස්‌
ඇතැයි ‍බෙලිඅත්ත පොලිසිය පවසයි.

බෙලිඅත්ත තාරපේරිය නිහිළුව ප්‍රදේශයේ පදිංචි මද්දුම කන්කානම්ගේ සචින්‌ රවීෂ යන 20 හැවිරිදි තරුණයකු මෙසේ මිය ගොස්‌ ඇතැයි පොලිසිය කියයි.

මියගොස්‌ ඇති තරුණයාද ආරවුල පැවැනි ස්ථානයට පැමිණ සිටියදී එල්ල කෙරුණ පිගි ප්‍රහාරයකින්‌ ඝාතනයට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණයවන බවත්‌ සිද්ධියට සම්බන්ධ සැකකරුවන තාරපේරිය නිහිළුව ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි ඥාතියෙකු අත්‌අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

මියගිය තරුණයාගේ සිරුර බෙලිඅත්ත ප්‍රාදේශීය රෝහලේ තැන්පත්‌ කර ඇති අතර සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත්‌ පරීක්ෂණය තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්‌ ටිරාන්‌ වරුසවිතාන
මහතා විසින්‌ සිදු කරනු ලැබීය.

පශ්චාත්‌ මරණ පරීක්ෂණය සඳහා සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ‘යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.අත්අඩංගුවටගත්‌ සැකකරු තංගල්ල මහේස්ත්‍රාත්‌ අධිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රචින්ද්‍ර අඹේපිටිය,සහකාර පොලිස්‌ අධිකාරි එන්‌.එල්‌.ජයශාන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බෙලිඅත්ත පොලිස්‌
ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ඊ.එම්‌.අයි.බී. විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන්‌ ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක සම්පත්‌ විජේරාම, කොට්ඨාස අපරාධඉස්ථාන පරීක්ෂණ අංශයේ පොලිස්‌ පරීක්ෂක එන්‌. අජිත්‌, උප පොලිස්‌ පරීක්ෂක නිශාන්ත ගාල්ලේආරච්චි,
කොස්තාපල්වරුන්‌ වචන (42248) මහේෂ්‌, (73360) ප්‍රියංකර,මහත්මීහු මහේස්ත්‍රාත්‌ පරීක්ෂණයට සහාය වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?