තාත්තාගේත් බාප්පාගේත් ගෝරියට මැදි වු තරණ පුතා පිහි ඇනුම් කා මියයයි

වී තොගයක්‌ සමිබන්ධව සහෝදරයන්‌ දෙදෙනෙකූ අතර (08) පෙරේදා රාත්‍රි ඇතිවූ ආරවුලකදී වැඩිමහල්‌ සහෝදරයාග්‌ පුතා පිහි පහරකින්‌ මිය ගොස්‌
ඇතැයි ‍බෙලිඅත්ත පොලිසිය පවසයි.

බෙලිඅත්ත තාරපේරිය නිහිළුව ප්‍රදේශයේ පදිංචි මද්දුම කන්කානම්ගේ සචින්‌ රවීෂ යන 20 හැවිරිදි තරුණයකු මෙසේ මිය ගොස්‌ ඇතැයි පොලිසිය කියයි.

මියගොස්‌ ඇති තරුණයාද ආරවුල පැවැනි ස්ථානයට පැමිණ සිටියදී එල්ල කෙරුණ පිගි ප්‍රහාරයකින්‌ ඝාතනයට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණයවන බවත්‌ සිද්ධියට සම්බන්ධ සැකකරුවන තාරපේරිය නිහිළුව ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි ඥාතියෙකු අත්‌අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

මියගිය තරුණයාගේ සිරුර බෙලිඅත්ත ප්‍රාදේශීය රෝහලේ තැන්පත්‌ කර ඇති අතර සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත්‌ පරීක්ෂණය තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්‌ ටිරාන්‌ වරුසවිතාන
මහතා විසින්‌ සිදු කරනු ලැබීය.

පශ්චාත්‌ මරණ පරීක්ෂණය සඳහා සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ‘යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.අත්අඩංගුවටගත්‌ සැකකරු තංගල්ල මහේස්ත්‍රාත්‌ අධිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රචින්ද්‍ර අඹේපිටිය,සහකාර පොලිස්‌ අධිකාරි එන්‌.එල්‌.ජයශාන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බෙලිඅත්ත පොලිස්‌
ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ඊ.එම්‌.අයි.බී. විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන්‌ ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක සම්පත්‌ විජේරාම, කොට්ඨාස අපරාධඉස්ථාන පරීක්ෂණ අංශයේ පොලිස්‌ පරීක්ෂක එන්‌. අජිත්‌, උප පොලිස්‌ පරීක්ෂක නිශාන්ත ගාල්ලේආරච්චි,
කොස්තාපල්වරුන්‌ වචන (42248) මහේෂ්‌, (73360) ප්‍රියංකර,මහත්මීහු මහේස්ත්‍රාත්‌ පරීක්ෂණයට සහාය වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09