ත්‍රෛලෝක විජය පත්‍ර රට යවන ව්‍යාපෘතිය ලබන මසදී ඇරඹේ

කංසා අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා වැරදි අදහස් පළ කරන බව පෙනෙන්නට ඇතැයි පැවසූ අමාත්‍යවරයා තුන්දොස් නසන පත්‍ර තෛලෝක විජය පත්‍ර යන්නෙහි තේරුම බව ද ප්‍රකාශ කර සිටියා.