ත්‍රී රෝද රථයක් බසයක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන 6ට පමණ බස් රථයක් සහ ත්‍රී රේාද රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙක් වන අතර තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බරපතල තුවාල ලැබූ පිරිස ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව තුන්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා ඇතැයි සඳහන්.

මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු ගලේවෙල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම පිරිස ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් පෞද්ගලික ගමනක් යමින් සිටියදී අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට සම්බන්ධ බස් රථය යාපනය ප්‍රදේශයේ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් කරමින් තිබූ එකක්.

ත්‍රී රෝද රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් අතර කුඩා දැරියක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
6
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාමිණි දිසානායකගේ පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි
01:11
Video thumbnail
රෝහකලට ඇතුළු වූ වන අලියා - මිනිස්සු පණ බේරාගන්න හතර වටේ දුවයි
01:21
Video thumbnail
මහජන නියෝජිතයින්ගේ හැසිරීම.. කියලා වැඩක් නෑ
01:17
Video thumbnail
පස්සර බස් අනතුරින් අවසන් ගමන් ගිය ඥාතීන් සිහිකර ඉටිපන්දම් දල්වයි
03:58
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53