spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථයක් බසයක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන 6ට පමණ බස් රථයක් සහ ත්‍රී රේාද රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙක් වන අතර තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බරපතල තුවාල ලැබූ පිරිස ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව තුන්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා ඇතැයි සඳහන්.

මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු ගලේවෙල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම පිරිස ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් පෞද්ගලික ගමනක් යමින් සිටියදී අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට සම්බන්ධ බස් රථය යාපනය ප්‍රදේශයේ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් කරමින් තිබූ එකක්.

ත්‍රී රෝද රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් අතර කුඩා දැරියක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
6
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?