ත්‍රීවිල් තෙල් කෝටාව දෙගුණ වෙයි – ගාස්තුවත් අඩුකෙරේ

QR ක්‍රමවේදය යටතේ වෘත්තීමය ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට රජය ඊයේ (24) තීරණය කළා.

රජයේ මෙම තීරණයත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 20.00 කින් පහත දැමීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව දෙගුණ කිරීම ලබන මස 06 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවති සාකච්ඡාවක දී දැනුම් දුන්නේ.

වෘත්තීමය ත්‍රීරෝද රථ සංගම් සහ ජනාධිපති ජ්‍යේෂඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ ඊයේ මෙම සාකච්ඡාව පවත් වුණා.

මේ අතර බස් සහ පාසල් වෑන් රථ සඳහා ද ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව සාගල රත්නායක සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00