ත්‍රිරෝද රථ සහ බස් ගාස්තුවල වෙනසක් නැහැ

රජය විසින් සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

මේ අතර ඉන්ධන මිලේ අඩුවීමක් සිදු කළත් බස් ගාස්තු සංශෝධනය නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබුවා.

මෙම මිල සංශෝධනයට අනුව වෙළඳපොලේ මේ වනවිට ඉන්ධන අලෙවි වන්නේ පහත මිල ගණන් යටතේයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 426.00
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 434.00
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 329.00
භූමිතෙල් ලීටරයක් රුපියල් 247.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?