ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන්න ප්‍රවාහන ඇමතිගෙන් උපදෙස්

ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ නියාමනය ඇතුලු කරුණු කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, මගී ප්‍රවාහනයේ නිරත වන ත්‍රිරෝද රථ සංගම් කිහිපයක නිලධාරීන් ඇතුලු සාමාජිකයින් පිරිසක් අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වුණා.

වෘත්තිය සංගම් ලෙස තම සාමාජිකයන් මුහුණ දෙන පොදු ගැටලු කිහිපයක්‌ පිළිබඳ මෙහි දී ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයින් විසින් අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධව ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ක්‍රමවත් කිරීම, දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි ත්‍රී රෝද රථ නියාමනය පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම, ත්‍රිරෝද රථ අමතර උපාංග සවි කිරීම සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය ඇතුළු ගැටලු කිහිපයක් මෙහි දී සාකච්ඡාවට ගැනුණා.

එහි දී ත්‍රීරෝද රථ ඇතුළු මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයේ අධිකාරී බලය ලත් ආයතනය ලෙස ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වෙත බලය පැවරෙන බවයි සඳහන් කෙරුණේ.

ඊට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර එලෙස කැබිනට් අනුමැතිය සහිත නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයන් සඳහා කිසිවකුටත් අනවශ්‍ය බලපෑම් සිදුකිරීමට නොහැකි බව අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයින් වෙත අවධාරණය කරනු ලැබුවා.

එසේම ත්‍රීරෝද රථ සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධව ජාතික ප්‍රවාහන කොමිසමේ කොමසාරිස්වරයා ඇතුලු නිලධාරීන් සමඟ කඩිනම් සාකච්ඡාවක් සිදු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී පැවති තම වෘත්තිය ගැටලු විසඳා දෙමින් වඩාත් ගෞරවනීය වෘත්තිකයින් පිරිසක් ලෙස ජනතාවට සිය සේවය සපයා දීමට මැදිහත්වීම පිළිබඳව මෙහි දී පැමිණ සිටි වෘත්තිය සංගම් නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?