ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන්න ප්‍රවාහන ඇමතිගෙන් උපදෙස්

ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ නියාමනය ඇතුලු කරුණු කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, මගී ප්‍රවාහනයේ නිරත වන ත්‍රිරෝද රථ සංගම් කිහිපයක නිලධාරීන් ඇතුලු සාමාජිකයින් පිරිසක් අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වුණා.

වෘත්තිය සංගම් ලෙස තම සාමාජිකයන් මුහුණ දෙන පොදු ගැටලු කිහිපයක්‌ පිළිබඳ මෙහි දී ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයින් විසින් අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධව ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ක්‍රමවත් කිරීම, දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි ත්‍රී රෝද රථ නියාමනය පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම, ත්‍රිරෝද රථ අමතර උපාංග සවි කිරීම සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය ඇතුළු ගැටලු කිහිපයක් මෙහි දී සාකච්ඡාවට ගැනුණා.

එහි දී ත්‍රීරෝද රථ ඇතුළු මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයේ අධිකාරී බලය ලත් ආයතනය ලෙස ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වෙත බලය පැවරෙන බවයි සඳහන් කෙරුණේ.

ඊට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර එලෙස කැබිනට් අනුමැතිය සහිත නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයන් සඳහා කිසිවකුටත් අනවශ්‍ය බලපෑම් සිදුකිරීමට නොහැකි බව අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයින් වෙත අවධාරණය කරනු ලැබුවා.

එසේම ත්‍රීරෝද රථ සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධව ජාතික ප්‍රවාහන කොමිසමේ කොමසාරිස්වරයා ඇතුලු නිලධාරීන් සමඟ කඩිනම් සාකච්ඡාවක් සිදු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී පැවති තම වෘත්තිය ගැටලු විසඳා දෙමින් වඩාත් ගෞරවනීය වෘත්තිකයින් පිරිසක් ලෙස ජනතාවට සිය සේවය සපයා දීමට මැදිහත්වීම පිළිබඳව මෙහි දී පැමිණ සිටි වෘත්තිය සංගම් නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04