ත්‍රිරෝද රථයෙන් මත්ද්‍රව්‍ය බෙදූ තිදෙනෙක් මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි තරුණයන් තිදෙනෙක් ඊයේ (16) දින පස්වරුවේ ගිනිගත්හේන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයක් යොදා ගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ගිනිගත්හේන පොලිසිය වෙතට ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් ගිනිගත්හේන, බ්ලැක්වෝටර් ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්තාවන්නේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ගංජා ඇසුරුම් කළ පැකට් 15 සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ඔවුන් සතුව තිබි සොයා ගත් බව පොලිසිය පවසනවා.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිමේදි අයිස් මත්ද්‍රව්‍ය ඔවුන්ට ලබා දුන් ජාවාරම්කරුගේ තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර එම සැකකරු ද වටවල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම නිවස පරික්ෂා කිරිමේදි නිවස තුල අලෙවි කිරිමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 6,190ක් පැකට් 70ක් තුළ තිබියදී සොයා ගත් බවයි පොලිස් නිළධාරින් වැඩිදුරටත් පවසා සිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අවුරුදු 20 – 25ත් අතර වයස් කාණ්ඩ වල පසුවන බවත්, ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන තෝරා ගත් ස්ථානවල මත්ද්‍රව්‍ය තබා යන බවයි මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් තිදෙනා, මත්ද්‍රව්‍ය සහ අදාළ ත්‍රීරෝද රථය අද (17) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
මහජන නැගිටීමක් නැත්තම් 3% හිටිය අපි කවදාවත් බලයට එන්නේ නෑ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40


?