ත්‍රි’මලේ විහාරයේ ඉදිරිම්වල වෙනසක් නොකරන ලෙසට අධිකරණයෙන් නියෝගයක්

ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්.සම්සූදීන් මහතා විහාරාධිකාරී හිමියන්ට අද (19) නියෝග කළා.

ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි ජේ.එල්. අජිත් කුමාර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජී.එස්.කේ. සමරසිංහ යන මහත්වරු ඉදිරිපත් කළ බි වාර්තාව සැලකිල්ලට මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ත්‍රිකුණාමලය ඩච් බේ වෙරල තීරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිකාරී හිමි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසිය මෙම බී වාර්තාව ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අදාළ ඉදිකිරීම් හා සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරාය පොලිසියට නියෝග කළා.

මේ අතර අදාළ අධිකරණ නියෝගයේ පිටපත් රෝහල්ගත වී සිටින විහාරාධිකාරී හිමිට හා දායක සභාවේ ලේකම්වරයාට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයාගෙන් ජනාධිපතිවරයා කැඳවා ඇති අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමල පොලිස් අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් කණ්ඩායමක් ආරක්ෂිත වැටක් කපා දැමීම සහ ඒ අවට විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු සිදුකෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?