ත්‍රි’මලේ විහාරයේ ඉදිරිම්වල වෙනසක් නොකරන ලෙසට අධිකරණයෙන් නියෝගයක්

ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්.සම්සූදීන් මහතා විහාරාධිකාරී හිමියන්ට අද (19) නියෝග කළා.

ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි ජේ.එල්. අජිත් කුමාර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජී.එස්.කේ. සමරසිංහ යන මහත්වරු ඉදිරිපත් කළ බි වාර්තාව සැලකිල්ලට මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ත්‍රිකුණාමලය ඩච් බේ වෙරල තීරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිකාරී හිමි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසිය මෙම බී වාර්තාව ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අදාළ ඉදිකිරීම් හා සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරාය පොලිසියට නියෝග කළා.

මේ අතර අදාළ අධිකරණ නියෝගයේ පිටපත් රෝහල්ගත වී සිටින විහාරාධිකාරී හිමිට හා දායක සභාවේ ලේකම්වරයාට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයාගෙන් ජනාධිපතිවරයා කැඳවා ඇති අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමල පොලිස් අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් කණ්ඩායමක් ආරක්ෂිත වැටක් කපා දැමීම සහ ඒ අවට විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු සිදුකෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හැමදාම මෙයාලගේ System අවුල්" ID Office එකේ System අවුල්වීම නිසා මිනිස්සුන්ට යකා නගියි
03:00
Video thumbnail
වැලිකන්ද කිරලවත්ත රත්කළ වෙ#ඩි වරුසාව.. ලොකු පැටිගේ මල්ලිට වෙ#
01:33
Video thumbnail
ජාවාරම්කාරයෝ බොරුවට පුම්බන්න එපා..මෙයාලා බයගුල්ලෝ..දැක්කම බෝට්ටු දාලා දුවන්නේ
03:41
Video thumbnail
පාතාලය කියලා දෙයක් නෑ..වෙඩික්කරුවෝ ඉන්නේ.. l Aruna Jayasekara
03:25
Video thumbnail
දික්ඕවිටට ගෙනා ධීවර යාත්‍රාවේ හෙරෝයින් 150kgකට අධික ප්‍රමාණයක්..නි.ඇමති සියල්ල හෙළිකරයි
06:32
Video thumbnail
බහුදින යාත්‍රාව නිරීක්ෂණයට නාවික හමුදාපති ඇවිත් නිලධාරින්ට දුන්න ආචාරය..
02:45
Video thumbnail
පුද්ගලයෙක් වෙ# තබා අනියම් පෙම එළොව යවලා..තවත් තිදෙනෙක් සමඟ ගිනිඅවි දෙකක් අත්අඩංගුවට
00:51
Video thumbnail
දිය රකුසා නිසා දින 5ක කාලයකදී 20 දෙනෙකුගේ දිවි අහිමි වෙලා..දැදුරු ඔයේ ඛේදවාචකය ගැන හෙළිදරව්වක්
02:24
Video thumbnail
බොරතෙල් ගැන චන්න ජයසුමනගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ඉන්ධන මිල තවත් ඉහළ යයිද ?
03:04
Video thumbnail
සීල් කරපු ගල් අඟුරු සමාගමේ සභාපති සීල් කඩලද රබර් සීල් එක තිබ්බේ..ජනාධිපති බේරගන්න යන්නේ මොකෙන්ද මේ ?
02:12