AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්ත විරෝධී පනත හකුලා ගැනීම රජයේ ප්‍රෝඩාවක් – විපක්ෂ නායක

විවිධ අවස්ථාවල දී රජය කුමන ප්‍රකාශ සිදු කළ ද ත්‍රස්ත විරෝධී පනත මේ රජය විසින්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමගින් ජනතවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උලලංඝනය වන අණ පනත් රාශියක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝකයට විවිධ කතා කියමින් පනත හකුලා ගත් බවට පැවසුව ද එය තාවකාලික විරාමයක් බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

රජය දන්නේ ජනතාව ජීවත් කිරීම නොව මර්දනය කිරීමට බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මැතිවරණයට බියෙන් සිටින රජය මැතිවරණය වැළැක්වීමට විවිධ දේ කරමින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය අහෝසි කිරීට කටයුතු කරන අතර ජනතාව තම අයිතීන් වෙන්වෙන් පාරට බැසීම, හඬක් නැගීම පාලනය කරමින් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීමට විවිධ අණ පනත් ගෙන එන බවයි ඔහුගේ මතය වන්නේ.

එය රාජ්‍ය මිලේච්චත්වය හොදින්ම සංකේතවත් කිරීමක් බව විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?