කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා දිවයින පුරා සිදුකෙරෙන එන්නත් කරන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා තවත් ෆයිසර් එන්නත් ලක්ෂයක් අද අළුයම දිවයිනට ළඟා වුණා.
ඇමරිකාවේ ෆයිසර් සමාගමේ නිෂ්පාදනයක් වන මෙම එන්නත් මූලික වශයෙන් ලබා දෙනු ලබන්නේ විදෙස් රැකියා සහ විදෙස් අධ්‍යාපනය සඳහා දිවයිනෙන් බැහැරව යන අයටයි.අදාල එන්නත් තොගය ජාතික රුධිර පාරවිලයන ආයතනයේ විශේෂ ගබඩාවේ තැන්පත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




