20-20 ලෝක කුසලානයට පාකිස්තාන සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් දිවයිනට

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම සඳහා ඕස්ට්‍රේලියානු සහ පකිස්තානු කණ්ඩායම් ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

පකිස්තාන කණ්ඩායමේ නිලධාරීන් සහ ක්‍රීඩකයින් 32 දෙනෙකු සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

මොවුන් පකිස්තානයේ ලාහෝර් නුවර සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 510 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

දිවයිනට පැමිණි කණ්ඩායම් දෙක පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.