තවත් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කෙරේ

ඊයේ (01) වන දින රාත්‍රී මිද්දෙණිය සතොස්මාතාගම ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 47 ක් වන සතොස්මාතාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මරණකරු යතුරු පැදියකින් සිය බිරිඳගේ ඥාතියකුගේ නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඔහුගේ නිවස ආසන්නයේ සතොස්මාතාගමට හැරෙන හන්දියේදී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩිතබා පලාගොස් ඇති අතර , තුවාලකරු තලාව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදුකරයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?